Gossips

විරෝධතාකරුවන් පිරිසක් මින්නේරිය වනජීවී කාර්යාලය වටලයි

විරෝධතාකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ මින්නේරිය වනජීවී කාර්යාලය වටලා තිබෙනවා.
ඒ, මින්නේරිය වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.
එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු කියා සිටියා.
මෙහිදී ඇතිවූ ගැටුමකින් වනජීවී නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට එම සිද්ධිය සමථයකට පත්කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඡායාරූප – මින්නේරිය, නිමල් ජයරත්න