Gossips

විරාට් කෝලි නැවතත් මුල්තැනට

එංගලන්තය සමග පැවති තුන්වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සදහා ඉන්දීය පිල මෙහෙයවූ නායක විරාට් කෝලි නැවතත් අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ඒ සදහා ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 937 ක්.
එමෙන්ම, ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා අංක එක ස්ථානය හිමිකර ගත් ක්‍රීඩකයන් 10 දෙනා අතරට ද කෝලි එක්වී සිටිනවා.
එහි ප්‍රමුඛස්ථානය ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් ට හිමිවී ඇති අතර, විවියන් රිචඞ්ස්, ගැරී සෝබස්, ක්ලයිඩ් වෝල්කොට් සහ කුමාර් සංගක්කාර සම 6 වන ස්ථානය හිමිකර ගත්තේ ප්‍රසාද ලකුණු 938 ක් ලබමින්.