මහියංගනය වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පසුව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, සැකකරු මහියංගන මහේස්ත්‍රාත් නාලක වීරසිංහ හමුවට අද (29) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එහිදී අදාළ උපකාරක පන්ති ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
මෙම නඩුව ජුනි 26 වන දා යළි කැදවීමට නියමිතයි. මහියංගන – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයේදී පසුගිය 26 වන දා වියානි ඇළට පෙරළුණු මෙම ජීප් රථයේ සිට අතුරුදන් වූ උපකාරක පන්ති ගුරුවරයා මහියංගන පොලීසියට භාර වූයේ ඊයේ (28) උදෑසනයි.
(ඡායාරූප – මහියංගනය රංජිත් කරුණාවීර )
