Gossips

වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී රථයේ සිටි ගුරුවරයා සොයා තවදුරටත් මෙහෙයුම්

මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
ඔලූවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
මීට අමතරව වියානා ඇලට ජල සැපයීම ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පොලීසිය පැවසුවේ.
බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ අලූයම වියානි ඇළට පෙරළී තිබූ අතර, පසුව එය ගොඩට ගනු ලැබුවා.
පසුව හෙළිවුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් එය පදවා ඇති බවයි.