Gossips

වියානා ඇළට පෙරළී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම්

බදුල්ල – මහියංගනය මාර්ගයේ – මාපාකඩවැව 17 කණුව අසලදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මාපාකඩවැව – තිස්සපුර ද්විතියික විදුහලේ ගුරුවරයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුල සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබුවා.
මෙම පිරිස අද උදෑසන රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුර ඇසින් දුටු ප්‍රදේශවාසින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වියානා ඇළ සහ මාර්ගය අතර නිසි ආරක්ෂක වැටක් නොතිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී වියානා ඇළට පෙරළී ජීවිත හානි සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ වසරකට මිනිස් ජීවිත 10ත්, 12ත් අතර ප්‍රමාණයක් මෙම ඇළට බිළි වන බවයි.

මීට පෙර සිදුවූ මාරක අනතුරු කිහිපයක් පහතින්.
rn