Gossips

වියානා ඇලේ සැඟව ගිය ජීවිතය

බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට පෙරළී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් සිට ඇති බව සඳහන්.
අනතුරෙන් එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් අද (26) උදෑසන රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
අතුරුදන් පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු බව සඳහන්.