Politics Sri Lanka

වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි

වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 08ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත.

මියගොස් ඇත්තේ නලින් කාරියවසම් නම්වූ තිස්සපුර විද්‍යාලයේ 29 හැවරිදි ගුරුවරයෙකි.