Gossips

වියානා ඇලේ අනතුරින් අතුරුදන්වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි

බදුල්ල මහියංගණය මාර්ගයේ මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 8 ක් පමණ පහළින් පිහිටි ඔරුබැඳිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදීයි අද උදෑසන 7 ට පමණ සිරුර හමුවී ඇත්තේ.
මෙම සිරුර මහියංගණය මහේස්ත්‍රාත්වරයා හමුවේ ගොඩ ගැනීමට නියමිතයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ තිස්සපුර විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතවු 29 හැවිරිදි ගුරුවරයෙක්.
ඊයේ උදෑසන මෝටර් රථය ඇලට පෙරලී ඇති අතර එහි සිටි 3 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.