Gossips

වියළි කාලගුණය හමුවේ වුව ද, අඛන්ඩ විදුලි සැපයුමක්

ජනතාවට අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම් අඩු වුවද තාප බලාගාර යොදා ගනිමින් විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමට අපේක්ෂා කරන බවයි විෂයභාර අමාත්‍ය රවී කරුණානායක ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.