දැනට වියලි කාලගුණික තත්වයක් පවතින ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව පිරිපහදු නොකළ ජල බෝතල් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව සහ යාපනය ආදී ප්‍රදේශවලින් මේ පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති බවයි.
ඒ අනුව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි ඔහු අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම්දෙන්නේ.