Gossips

වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම් පහලට

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම් පහළ බසිමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි දහසයක් දක්වා පහළ වැටි ඇතිබවයි වාර්තාවන්නේ.
ඒ හේතුවෙන් එම ජලාශය ඉදිකිරිමේදී යටවු නටබුන් සහ කුඩා දුපත්ද යලි මතුවෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.