Gossips

වියළි කාලගුණය නිසා අනුරාධපුරයේ උග්‍ර ජල හිගයක්

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිනවා.
ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සදහන් කළේ මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාවය අඛණ්ඩව සැපියීමද ගැටලුවක්ව ඇති බවයි.
අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11ක පවුල් 11,000ක පමණ පිරිසක් මේ වන විට වියළි කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බවයි.
වසර කිහිපයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයට සැලකිය යුතු වර්ශාපතනයක් නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලුම ජලාශවල ජලමට්ටම සීඝ්‍රෙයන් පහළ බැස තිබෙනවා.
ජාතික ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය බෙදා හැරීම සිදුවන ප්‍රධාන මුලාශ්‍ර වන තුරුවිල වැව, තිසා වැව සහ නුවර වැව යන වැව් ත්‍රිත්වයන්ට මෙම තත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.