Gossips

වියළි කාලගුණයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම්

දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව අබලන් තත්වයේ පවතින සංචාරක බංගලා ප්‍රතිසංස්කරණය කිරීමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර, විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ප්‍රධාන වැව් කිහිපයක් ද සිදී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.