Gossips

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 56,000 ඉක්මවයි

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පුද්ගලයින් 56,105 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුර පළාතේ යාපනය දිස්ත්‍රික්කයට වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කෑගල්ල, පුත්තලම, වව්නියාව, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට ද මෙම තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.