Gossips

වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්

දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවැතිය හැකි බවයි.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 110,143ක් පීඩාවට පත්ව සිටිනවා.
ඊට අමතරව කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම යන දිස්ත්‍රික්වලට ද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්තොට – පිංගම ප්‍රදේශ රැසක වී ඇතුළු භෝග වගාවන් රැසක් විනාශ වෙමින් පවතිනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යනයේ සතුන්ටද බලපෑම් එල්ලවී තිබෙනවා.
වනෝද්‍යනයේ පිහිටි විල්ලු 42න් 14ක් සම්පුර්ණයෙන්ම හිදී ගොස් ඇති අතර 20කට වැඩි ප්‍රමාණයක ජල මට්ටම පහත බැස තිබෙනවා.
මේ හේතුවෙන් වනෝද්‍යාන තුළ ඉදිකර ඇති කෘතීම පොකුණු සදහා ජලය පිරවීම මේ දිනවල සිදු කෙරනවා.
ඉගිනියාගල ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් අම්පාර ඉගිනියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටමද අඩි 36 දක්වා පහතබැස තිබෙනවා.