Gossips

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම් – අදත් ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි

දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11කට මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා.
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවලට මෙමගින් වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර, අද දින ආඩිඅම්බලම, නාරන්ගොඩ, ගෙවිලිපිටිය, කරමැටිය, රදලියගොඩ, නිල්ගල සහ පානන්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.