Gossips

වියලි කාලගුණයෙන් ලක්ෂ දෙකකට පීඩා

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
මෙම වියළි කාලගුණ තත්ත්වය විශේෂයෙන් බලපා ඇත්තේ කුරුණෑගල, පුත්තලම, මන්නාරම, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලටයි.
මේ හේතුවෙන් යම් ආපදා තත්ත්වයක් ඇත්නම් 117 අංකය අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.
මේ අතර, පවතින වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනයට ද බලපෑම් එල්ල වන බවයි විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
වියළි කාළගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලූම ද ගිගාවොට් පැය 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළා.