Gossips

වියලි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ඉහළට

වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ තුන්දහස් තුන්සිය හැට අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උතුර, වයඹ සහ බස්නාහිර පළාත්වලට මෙම වියලි කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර හෙට දිනයේත් වයඹ පළාත මෙන්ම මන්නාරම, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එමෙන්ම පවතින වියලි කාලගුණ තත්ත්වය සමඟ ජල මූලාශ්‍රවල ජල මට්ටම් පහළ වැටීම හේතුවෙන් ජල සම්පාදන කටයුතුවලට ඍජුව බලපෑම් එල්ල කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයද පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි.