Gossips

වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක ලක්ෂ 9කට පීඩා

දිස්ත්‍රික්ක 18 ක පවුල් දෙලක්ෂ 61,000 කට අයත්, පුද්ගලයින් නවලක්ෂ 23,782 ක වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
ඉන් වැඩි පිරිසක් සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේයි. එහි පුද්ගලයින් හාර ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
පීඩාවට පත්ව සිටින මෙම ජනතාව අවශ්‍ය පානීය ජලය ලබාදීම මේ වනවිට සිදුකරන බවයි අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.
මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ප්‍රේමලාල් කියා සිටියේ 2016 වසරෙන් පසු ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික්ක 18 කට මෙලෙස වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, ලබන මස අවසන් කාලසීමාවේ සිට උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.