Gossips

වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම්

දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි.
අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම, මන්නාරම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් පවුල් 91 දහසක පුද්ගලයින් දෙලක්ෂ අනූ තුන්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
නියඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකයි.
වාර්ෂාව නොමැති කමින් ගොවිතැනින් දිවිගෙවන බොහෝ පිරිසකට අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.
මේ අතර අම්පාර දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ද මේ වනවිට ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.
නියං තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කුඹුරු ගොවිතැන් ඇතුළු වගා කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක සිට බලපා ඇති වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පහල යමින් පවතිනවා.
– සුලක්ෂණ ජයවර්ධන
– ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා තිබෙන වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට යම් අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා.එවගේම පද්ධතියෙ දෛනික විදුලි ඉල්ලුමත් යම් ප්‍රමානයක ඉහල යාමේ තත්වයක් තියෙනවා.මේ අවශය තාවයෙන් 15%ක 20% ප්‍රමාණයක් සම්පුර්ණ කරන්නේ ජල විදුලි බාලාගාරවලින්. කේසේ නමුත් පවතින අභියෝගයට මුහුණ දිම සඳහා බපාපොරෝත්තු වෙනවා මාර්තු මාසයේ අවසානයේ අවසානය පමණ වන විට මෙ තත්වයට අවශ්‍ය කරන මෙගාවෝටි 100ක තාප විදුලි බාලාගාර පද්ධතියට එකතුකරගන්න හැකිවෙවි කියලා.කෙසේ නමුත් විදුලි කප්පාදුවක් කිරිමේ අවශ්‍ය තාවයක් නැහැ.පවතින තත්වය තුළ වුනත් අඛන්ඩව විදුලි සම්පාදනය කරිමේ හැකියාවක් පවතිනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇති විය හැකි බවයි.