Gossips

වියලි කාලගුණයෙන් උතුරේ අනූනව දහසකට පීඩා

උතුර පළාතට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණයෙන් පවුල් 28,950 ක පුද්ගලයින් 99,191 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ බවයි.
පුද්ගලයන් 53,569 ක් එහි පීඩාවට පත්ව සිටින අතර, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33,501 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6,296 ක්ද, කිලිනොච්චියේ පුද්ගලයින් 5720 ක්ද, වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර වියලි කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 21 ක පුද්ගලයින් පන්ලක්ෂ 80,717 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.