Gossips

වියලි කාලගුණයට නිමාවක්

වියලි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්වලත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 92,000කට අයත් ලක්ෂ 3 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්වී සිටිනවා.
අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එහිදී පීඩාවට පත්වූ සංඛ්‍යාව දෙලක්ෂ 16,000කට අධිකයි.