Gossips

වියලි කලාපීය වාරි ගම්මාන ලෝක උරුමයන් අතරට

මෙරට වියලි කලාපීය වාරි ගම්මාන ක්‍රමය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිද්දා රෝමයේදී සිදුවනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින්.
ශ්‍රී ලංකාවට අමතරව, චීනය, ඊජිප්තුව, ජපානය, කොරියාව, මෙක්සිකෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයන් කිහිපයක්ද එදින මෙලෙස ලෝක උරුමයන් ලෙස නම් කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ විසිරී පවතින වැව් සහ ඊට සම්බන්ධ කෘෂිකාර්මික පද්ධතිය බෙහෙවින් අගය කළ යුතු බවයි වාරි ගම්මාන ලෝක උරුමයන් ලෙස නම් කරමින් ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.