රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව මැයි මස 16 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අද (19) කැඳවූ අවස්ථාවේදියි.
මීට පෙර මෙම සිද්ධියට අදාළව මන්ත්‍රිවරයාට අධි චෝදනාද භාරදී තිබෙනවා.
