ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් මස 12 වනදා ලබාදෙන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක දැනුම් දුන්නේ.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මීට පෙර නඩු පවරා තිබූ අතර එහි අවසන් විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගය සඳහායි අද පෙරවරුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ.
