Gossips

විමල් පැය 3ක් සී.අයි.ඩී.යේ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන්.
අද පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ ද අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවයි පසුගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.
තමන්, පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ හමුවීම සඳහා ඔවුන් රැඳී සිටි ස්ථානවලට ගිය බවයි අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉන්දීය ජාතිකයා ප්‍රකාශ කර තිබුණේ.