Gossips

විමල්, ජනපතිට ලියයි

ජාතික සමගියට නව ප්‍රවේශයක් ලබාගැනීම සඳහා විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යළි එම පළාතේ සේවයට අනුයුක්ත කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින්.
ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ ඊට බාධාවන පෞද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳවද සොයා බලා පිළියම් යොදන ලෙසයි.
වසර 6 කට ආසන්න කාලයක් යාපනය – කිලිනොච්චි විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු පසුගියදා අඹේපුස්ස – සිංහ රෙජිමේන්තුව වෙත මාරුකර තිබුණා.
ඔහු ප්‍රදේශයෙන් පිටව යන මොහොතේ ජනතාව අතිශය සංවේදීව හැසිරුණු අයුරු බොහෝදෙනාගේ අවධානයට ලක්වුණා.