Gossips

විමල් ඇතුලූ හතකට සංශෝධිත පැමිණිල්ලක් දෙන්නැයි පොලීසියට නියෝග

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද කුරුදුවත්ත පොලිසියට නියෝග කළා.
ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් 2016 වසරේ කොළඹ බෞද්ධාලෝක මාවත අවහිර කරමින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් වන නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදියි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අමතරව එම පක්ෂයේ සාමාජිකයන් වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් සහ පක්ෂයේ හිටපු සාමාජිකයන් වන, පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න, වීරකුමාර දිසානායක සහ පියසිරි විජේනායක මෙන්ම ලලිත් චමින්ද ජයලාල් යන අය එහි වගඋත්තරකරුවන් වනවා.
නඩුව ආරම්භ කල දින සිට හත්වන සැකකරු අධිකරණයට නොපැමිණීම නිසා ඔහු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහායි සංශෝධිත පැමිණිල්ලක් ඉරිපත් කරන ලෙස පොලීසියට නියෝග කෙරුණේ.
නඩුව සැප්තැම්බර් මස 17 වනදා යළි කැදවීමට නියමිතයි.