විභාග කාල සටහන සම්බන්ධයෙන් උසස් පෙළ සිසුන්ට ගැටලූවක් පවතින්නේ නම් ඒ පිළිබද විභාග දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව, 0112 78 42 08, 0112 78 45 37 සහ 1911 ක්ෂණික දුරකථන අංකයෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.
විභාග ප්රවේශ පත්රයේ කාල සටහන අනුව, සියලූම අපේක්ෂකයන් විභාගය සදහා ඉදිරිපත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.