උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගයෙන් නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා සහ වන්නි දිස්ත්රික් උපාධිධාරින්ගේ සංගමයේ සාමාජිකයින් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර, ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
එහිදී වන්නි දිස්ත්රික් උපාධිධාරි සංගමයේ සාමාජිකයින් ප්රකාශ කළේ වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබදව උතුරු නැගෙනහිර ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.
එමෙන්ම, පසුගිය රජය සිදුකළ සංවර්ධන කටයුතු හැරුණු කොට වත්මන් රජය විසින් කිසිදු සංවර්ධන කටයුත්තක් උතුර සහ නැගෙනහිර ප්රදේශවලට සිදුකර නොමැති බව ද ඔවුන් එහිදී කියා සිටියා.
එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සදහන් කළේ උතුරේ දේශපාලන නියෝජිතයින් ජනතාවගේ ප්රශ්න විසදීම සදහා පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටතදී කටයුතු කර නොමැති බවයි.