Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස ගොනුකළ පෙත්සම ඉල්ලා අස් කරගනී

අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම ඊයේ ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් පැමිණිලි පාර්ශවය විසින් එම අභියාචනා පෙත්සම ඉවත් කරගන්නා බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි බැවින් එය ඉවත දමන ලෙසට පවසමිනුයි පසුගිය දෙසැම්බර් 3 වනදායි විපක්ෂ නායක ඇතුලූ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබුවා.