Gossips

විපක්ෂ නායක ධූරය ඉල්ලා, ඒකාබද්ධය අන්තර් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඉදිරියේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 93 දෙනාගෙන් 70 දෙනෙකුම මේ වන විට විපක්ෂය නියෝජනය කරනවා.
එවැනි තත්ත්වයක් තුළ 16 දෙනෙකු පමණක් නියෝජනය වන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමිවීම ගැටළුවක් වී ඇති බවයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබදව අන්තර් පාර්ලිමේන්තු සංගමයට නිළ වශයෙන් පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.