Gossips

විපක්ෂ නායක ධුරය හිටපු ජනපති මහින්දට – සන්ධානය ඒකමතිකව තීරණය කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට යෝජනාව අද පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
ඊට සන්ධාන මන්ත්‍රීවරුන් සියළු දෙනා අනුමැතිය පළ කර තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ද අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.