Gossips

විපක්ෂ නායක ධුරය වෙනස් කළ නොහැකි බව කතානායකවරයා කියයි

වත්මන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූළව සහ සම්ප්‍රදානුකූලව තමන්ට හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගෙන් අත්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස පසුගියදා කරනු ලැබූ ඉල්ලීම පිළිබදව මතය ප්‍රකාශ කරමින්.
පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්, විද්වත් අදහස් මෙන්ම අනෙකුත් රටවල පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැඹුරින් අධ්‍යයනය කරමින් මෙම තීරණය ගත් බවයි කතානායකවරයා එහිදී සදහන් කළේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෙකු බව සදහන් කළ කතානායකවරයා, ආණ්ඩුව නියෝජනය නොකරන වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන පක්ෂයට විපක්ෂ නායක ධුරය හිමිවන බව ද කියා සිටියා.