Gossips

විපක්ෂ නායක ධුරය මහින්දට පිරිනැමීමේ බාධාවක් නැහැ – කථානායක යළි කියයි

විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂට පිරිනැමීමේ බාධාවක් නොමැති බව කථානායක කරූ ජයසූරිය අද යළිත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
ඒ, හිටපු විපක්ෂ නායක, ආර්. සම්බන්ධන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් සමඟයි.
එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද අදහස් පළ කළා.
මේ අතර, ඝණ පූරණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද නියමිත වේලාවට පෙර කල් තැබීමට මුලසුනට සිදුවුණා.
ඊට පෙර අවස්ථා දෙකකදීද ඝන පූරණය නොමැතිව කැදවීමේ සීණුව නාද කිරීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරුන් සභා ගර්භයට පැමිණියේ.
එම අවස්ථාව වනවිට පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය පැවැත්වෙමින් තිබූ අතර, පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වනදා පස්වරු 1 ට යලි රැස්වනු ඇති.