Gossips

විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ මතය අද

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳව අද පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට කථානායකවරයා හෙට දිනයේ කටයුතු නොකළහොත් පාර්ලිමේන්තුව තුළ අඛන්ඩව විරෝධතාවයේ නිරතවන බවයි.
විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධනගේ සහ කුමාර වෙල්ගමගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන්ට ලැබී ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය, සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ මතයට අනුව කටයුතු කරන්නේ හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ හෙට දිනය තුළ විරෝධතා දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.