විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස්ද ලබාගෙන ප්‍රකාශයක් සිදුකරන බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබාගැනීමට අදාළව සිදුකළ ඉල්ලීම පිළිබඳව සභාවේ අවධානය යොමු කිරීමත් සමඟයි.
එහිදී සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, එම්.ඒ. සුමන්දිරන් ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළා.
