Gossips

විපක්ෂ නායක ධුරය ගැන කතානායක තීරණය තවත් කල් යයි

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මතුකර ඇති කරුණු පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගන්නා බව කතානායකවරයා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ගැටළුවක් මතු කරනු ලැබුවේ.
ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද ඉල්ලීමක් ඉදිරිපත් වුණා.
මෙම පසුබිම තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර කතානායකවරයාට ලිපියක් යොමුකරමින් කියා සිටියේ 2015 අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසින්ම කටයුතු කරන බවයි.