Gossips

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට අවශ්‍යයයි – රංජිත් සොයිසා

පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂය ලෙස ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.
ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී මෙම ඉල්ලීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.