Gossips

විපක්ෂ නායක ධුරය ඉල්ලීමට ඒකාබද්ධය කථානායක හමුවෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි බහුතරයක් සිටින ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස කථානායක කරු ජයසුරිය හමුවී ඊයේ ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය සමග ඊයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ කථානායකවරයාද පාර්ලිමේන්තුවේ අසමතුලිතතාවයක් පවතින බවට පිළිගත් බවයි.