Gossips

විපක්ෂ නායක ධුරයෙන් හිටපු ජනපති ඉවත් කිරීමට පෙඩරල්වාදී කඳවුර උත්සාහයක – පවිත්‍රා වන්නිආරච්චි

පෙඩරල්වාදී කඳවුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නි ආරච්චි පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
ඇය එහිදී ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින්නේ ඊළාම් වාදය සඳහා බවයි.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපතිවරයා පත් කරන ලෙස සන්ධාන මහ ලේකම් විසින් කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබූ බවයි.
එමෙන්ම මේ වනවිට විපක්ෂ නායක ධුරය රටේ බලවත් වී ඇති බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.