Gossips

විපක්ෂ නායක ධුරයට ඒකාබද්ධය යළි සටනක

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට හිමි වූ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාව ලබාදුන් පණිවුඩය මෙන්ම මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි බහුතරයක් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බවයි.
ඒ සම්බන්ධයෙන් කථානායකවරයා නැවත දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළා.