විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නීති උපදෙස්ද ලබාගෙන මේ සතිය තුළ ප්‍රකාශයක් සිදුකරන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන තම කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස කළ ඉල්ලීමත් සමඟයි.
එහිදී සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි, තුෂාර ඉඳුනිල්, අනුර කුමාර දිසානායක සහ රෝහිත අබේගුණවර්ධන අදහස් පළ කළා.
මේ අතර අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්නා බව කථානායකවරයා දැනුම්දී තිබෙනවා.
