Gossips

විපක්ෂ නායක කාර්යාලය මුළු රටටම විවෘතයි – මහින්ද රාජපක්ෂ වැඩ අරඹමින් කියයි

තමාගේ කාර්යාලය මුළු රටටම විවෘත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද උදෑසන සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පළ කළා.
උදෑසන 9 යි 10 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායකවරයා රාජකාරි ආරම්භ කළ අතර ඊට සර්වාගමික ආශිර්වාදය ද හිමිවුණා.
ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ පසුගිය කාලයේ විපක්ෂ නායක කාර්යාලය එක් ප්‍රදේශයක ජනතාවකට පමණක් සීමා වූ බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ රටේ ගැටලූවලට විසදුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.
එමෙන්ම, එක් ප්‍රදේශයක ගැටලූවලට පමණක් සීමාවී තිබූ විපක්ෂ නායක කාර්යාලය අද දිනයේ සිට මුළු රටේම ගැටලූ සදහා විවෘත වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.