Gossips

විපක්ෂ නායක ඉන්දීය උප ජනාධිපති හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු අද හමුව තිබෙනවා.
ඒ, ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන ‘‘ද හින්දු පුවත්පත’’ විසින් සංවිධාන කළ සමුළුවට එක්ව සිටින අතරවාරයේදීයි.
එම සමුළුවේ දෙවන දිනය අද වන අතර ඉන්දීය උප ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවා.
සමුළුවේ පළමු දිනය වූ ඊයේ සමාරම්භක දේශනය පවත්වනු ලැබුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින්.
ඉන් අනතුරුව සමුළුවට සහභාගි වූ පිරිස් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.