Gossips

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
අද (30) පෙරවරු 9ට කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එහිදී රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අද (30) පෙරවරු 11ට විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් ද සංවිධාන කර තිබෙනවා.