Gossips

විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවට කථානායකවරයාගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවත්, ඊට අදාළව විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ නොහැකි බවත්, කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ වන විට කථානායකවරයා විදේශ සංචාරයක නිරතව සිටින අතර, අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරියි.
එසේම පවත්නා වපසරිය තුළ මන්ත්‍රීවරයෙකුගේ තනතුර සම්බන්ධයෙන් වන සිද්ධිමය කාරණා තම බල සීමාවට අයත් නොවන බව ද කථානායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ.
මේ අතර, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර දිවුරුම් දීම ද අද පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයේදී සිදුකෙරුණා.