Gossips

විපක්ෂ නායකට සැකයක්

වැටලීම් සිදුකර පොලිස් භාරයට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්දැයි සැකයක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ් හොරණ – ගල්පාත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පළුගල නන්ද හිමියන්ට බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අදාළ අක්තපත්‍ර පිරිනැමීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ විනයගරුක දරුවන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් ඇසුර වඩා වැදගත් බවයි.