Gossips

විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංගය මැයි මාසයේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළද, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේදී ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ 12 දෙනෙකුගෙන් යුත් විශේෂ දේශපාලන මණ්ඩලය 19 වැනිදා රැස්වීමට නියමිතයි.
ඒ අනුව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ මස 30 වනදා වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල කියා සිටියේ.