වර්තමානය වනවිට දේශීය සුළු කර්මාන්තවල කඩා වැටීමක් දක්නට ලැබෙන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.
ඒ, රජයේ බදු ප්‍රතිපත්තිය නිසා කර්මාන්තකරුවන්ට දැඩි බලපෑම් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, සිදුකළ අදහස් දැක්වීමේදීයි.
මේ අතර, රජය සතු ඉඩම් පෞද්ගලික සමාගම් වෙත ලබාදීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඊට සභානායක අමාත්‍ය, ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ලබාදිය හැකි බවයි.
